පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 29,980 ක පුද්ගලයින් එක් ලක්ෂ 18,030 දෙනෙකුට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පීඩාවට පත් ජනතාව ආපදා මධ්‍යස්ථාන කිහිපයක රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පැවසුවේ.