Monday, December 23, 2024

General line - 0115112241

අමෙරිකාවේ ජනපතිවරණයේ පළමු ඡන්ද විමසීම අවසන් - ප්‍රාන්ත තුනක ප්‍රතිඵලත් නිකුත් වෙයි




ඇමරිකාවේ ජනාධිපතිවරණයේ පළමු ජන්ද විමසීම මේ වන විට අවසන් වී තිබෙනවා.

ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර ජනාධිපතිවරණයේදී තියුණු සටනක් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඉන්දියානා සහ කෙන්ටකි ප්‍රන්තයේද වර්මොන්ට් ප්‍රන්තයේද මේ වන විට ජන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙන්ටකි ප්‍රාන්තය ඡන්ද අටක්ද ඉන්දියානා ප්‍රාන්තය ජන්ද 11ක්ද ලබා ගෙන හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබෙනවා.

වර්මොන්ට් ප්‍රාන්තයේද ජන්ද 03ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ. 
කෙසේවෙතත් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්ත මැතිවරණ සිතියමට අනුව යුද පිටියේ ප්‍රාන්ත ලෙස හඳුන්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රාන්තයන්හි ඡන්ද ප්‍රතිඵල ඇමරිකානු ජනපතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. කෙසේවෙතත් ජනාධිපති ධූරය දිනා ගැනීමට නම් අපේක්ෂකයෙකුට ඡන්ද 270ක් අවශ්‍ය වනවා.