Wednesday, November 6, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් හෙට සහ අනිද්දා වැසෙයි




පවතින වර්ෂාව හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලුම පාසල් හෙට සහ අනිද්දා දිනයන්හි වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන තිබෙනවා.

කඩුවෙල සහ කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද හෙට සහ අනිද්දා දිනයන්හි වසා තැබීමට තීරණය කර ඇති බවයි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂක පී ආර් දේවබන්දු මහතා පැවසුවේ.

එමෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ පමණක් වසා තැබෙන බවයි.