Wednesday, December 25, 2024

General line - 0115112241

 පේරු රාජ්‍යයට පරිසරවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්  




පේරු රාජ්‍යයේ හරිත පද්ධතියට දැඩි බලපෑම් එල්ලවී ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඒ පසුගිය සති කීපය තුළදී පේරු රාජ්‍යයෙන් ලැව්ගිනි හටගැනීම් වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් 

පේරු රාජ්‍යයට අයත් ඇමර්සන් වැසි වනාන්තරයෙන් ද මේ වනවිට ලැව්ගිනි වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

තවද  පේරු රාජ්‍යයට අයත් ඇමර්සන් වනාන්තරයේ වාසය කරන ජගුවර් සත්වයින්ට ලැව් ගිනි හේතුවෙන් පලායාමට ස්ථානයක් නොමැතිවීමත් සමග මියයාමේ තර්ජනයකට මුහුණ දී සිටින බව පරිසරවේදීන් පවසනවා.

උතුරුදිග පේරු රාජ්‍යයේ නගර රැසකින් ජනතාව ඉවත්කිරීමට ද පියවර ගෙන ඇති බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

මෙම වසර තුළදී මේ වනවිට පේරු රාජ්‍යයෙන් 10,400කට ආසන්න ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ගෝලීය ලැව්ගිනි තොරතුරු පද්ධතිය නිවේදනය කරනවා.

එය 2020 දී පෙර වාර්තාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි වන අතර මුළු භූමි ප්‍රමාණය මෙන් 2.5 ගුණයකට ආසන්න ප්‍රමාණයක් වන බවයි ගෝලීය ලැව්ගිනි තොරතුරු පද්ධතිය පෙන්වා දෙන්නේ.

තවද මේ වසරේ දකුණු ඇමරිකාව පුරා වාර්තාගත ලැව්ගිනි වාර්තා වී ඇති අතර බොලිවියාව, බ්‍රසීලය, ආර්ජන්ටිනාව සහ පැරගුවේ වැඩිම  ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.