ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වනවා.
දිවයිනේ රාජ්‍ය ආයතන 370 කට ආසන්න ප්‍රමාණයකදී එය සිදුකරන බවයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජය කුමාර මහතා පැවසුවේ.
අද දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රජයේ සේවකයන්ට තමන්ට අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ලබන 18 වනදා ඡන්දය සලකුණු කිරීමට හැකි වනවා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වෙනවා.
ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් 31 දෙනෙකු තරග වදින බවයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව් එච් ආර් විජය කුමාර මහතා පැවසුවේ.
මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබඳ අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා.