එයාර් ඉන්දියා ගුවන් යානයක් ආරක්ෂක හේතූන් මත අද උදෑසන නවදිල්ලිය වෙත නැවත හරවා යවා තිබෙනවා
මුම්බායි සිට නිව්යෝර්ක් දක්වා ධාවනය වූ AI119 ගුවන් යානය නැවත හරවා යවා ඇත්තේ ආරක්ෂක බෝම්බ බියක් හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
239 දෙනෙකු සමඟ ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට බස්සවා හුදකලා ධාවන පථයක යානය නවතා තිබෙනවා.
බෝම්බ නිශ්කාෂණ කණ්ඩායමක් ඇතුළු ආරක්ෂක අංශ දැඩි පරීක්ෂණ පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බවයි එරට පොලිසිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.
එයාර් ඉන්දියා ගුවන් සේවය මෙම සිද්ධිය සම්බන්දයෙන් තවමත් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර පරීක්ෂණ සිදු වෙමින් පවතීනවා