Monday, December 23, 2024

General line - 0115112241

ගෞරවය බේරා ගනිමින් කොදෙව්වන් ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් එක්දින තරගය ජය ගනී




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත අවසන් එක්දින තරගයේ ජය කඩුලු 08 කින් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කෙසේවෙතත් තරග තුනකින් සමන්විත තරගාවලියේ දෙකට එකක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු කර ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට 18 වන පන්දු වාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරගය පැය කිහිපයකට නතර වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 23 කට සීමා කරමින් තරගය ආරම්භ කළා. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 23 අවසනායේදී කඩුලු 03 ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 156 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56 ක් රැස්කර අතර කුසල් මෙන්ඩිස් පන්දු 22 කදී නොදැවී ලකුණු 56 ක් රැස් කළා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 23 කදී හිමි වූ ඉලක්කය ලකුණු 196 ක්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ඉලක්කය කඩුලු 02 ක් පමණක් දැවී 22 වන පන්දු වාරයේදී සපයා ගනිමින් අවසන් එක්දින තරගයේ ජය හිමිකර ගත්තා.