හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස එහි නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කාසිම් තේරී පත් කර තිබෙනවා.
ඒ, එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියයාම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.
ඉකුත් සැප්තැම්බර් 27 වනදා බේරූට්හි දකුණු ප්‍රදේශයක් ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් නස්රල්ලා මිය ගොස් තිබුණා.
හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස පත් කරගෙන ඇති ෂෙයික් කාසිම් වසර 30කට වැඩි කාලයක් එම සංවිධානයේ වගකීම් රැසක් දැරූ අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඔහු නව තනතුරට තේරී පත්වීමෙන් පසු ප්‍රසිද්ධියේ මාධ්‍ය අමතා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.