Monday, December 23, 2024

General line - 0115112241

SriLankan Cares ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සමග එක් වී ලෝක ළමා දිනය සැමරු හැටි 




ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ: ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රජා සංවර්ධන අංශය සහ ගාලු මුවදොර හෝටලය සහ ඊබට් සිල්වා හොලිඩේස් සමාගම සමග එක් වී, රන්මුතුගල සහ මාකොළ සහතිකලත් පාසල්වල දරුවන් පිරිසක් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ සංචාරක හා ගුවන් සේවා කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් පැවැත්වුණු මෙම වැඩසටහනේදී දරුවන්ට ඔවුන්ගේ දැනුම හා සතුට වෙනුවෙන්ම සැලසුම් කළ ක්‍රියාකාරකම් රැසක යෙදෙමින් විනෝද වීමට අවස්ථාව උදා විය.  

ඒ අනුව  ඊබට් සිල්වා හොලිඩේස් සමාගම විසින් ලබා දුන් වර්ණවත් ඩබල් ඩෙකර් බස් රථයක නැගී කොළඹ සිට කටුනායකටත්, කටුනායක සිට කොළඹටත් ගමන් කිරීමට දරුවන්ට අවස්ථාව ලැබිණි. 

කටුනායකදී දරුවන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ 747 ගුවන් යානා අංගණයේ සංචාරයක නිරත වීමටත්, ගුවන් යානාවකට ගොඩ වී එය පරීක්ෂා කිරීමටත් අවස්ථාව හිමි විය.

තවද කටුනායක සංචාරය අවසානයේදී මෙම දරු දැරියෝ ගුවන් තොටුපළෙහි පිහිටි ‘පාම් ස්ට්‍රිප්’ (Palm Strip) ආපනශාලාවේදී ප්‍රණීත දිවා ආහාරවේලක් ද ලබා දුන් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.

කටුනායක සංචාරය නිමවා ආපසු කොළඹ බලා පැමිණි පසුව ඔවුන්ට ගාලු මුවදොර හෝටලය විසින් සංවිධානය කරන ලද, නැටුම්, ගැයුම් හා වැයුම් සපිරි තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට අවස්ථාව උදා විය.