Monday, December 23, 2024

General line - 0115112241

හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට.




හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ පකිස්ථාන කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර තුනයි පන්දු පහකදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 72 ක් පමණයි.

ජයග්‍රාහී ලකුණු 73 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී තරගයේ පස්වන පන්දු වාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිමින් හොංකොං සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භ පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13 කදී ලකුණු 34 ක් රැස්කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 04 ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

එමෙන්ම නායක ලහිරු මදුසංක පන්දු පහකදී ලකුණු 19 ක් රැස්කර ගත් අතර තරිඳු රත්නායක පන්දු හතරකදී නොදැවී ලකුණු 16 ක් ලබා ගත්තා.

හොංකොං සය සමාජික ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ශූරතාව දිනාගත් තෙවන අවස්ථාව ද මෙය වනවා.

වසර 07 කට පසු පැවති මෙම තරගාවලියට කණ්ඩායම් 12 ක් තරග වැදුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිත කණ්ඩායම ලෙස මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීම විශේෂත්වයක්.