පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තවත් මැතිවරණ පැමිණිලි 107 ක් ඊයේ පස්වරු 04.30 න් අවසන් වූ පැය 24 තුළ ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස 26 වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1,642 ක්.
ඒ අතරින් පැමිණිලි 1,365 ක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මැතිවරණ කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.