Monday, December 23, 2024

General line - 0115112241

ලොව හොදම ටෙස්ට් පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවේ 04ක් - කෝලි පළමුවරට ඉවතට




ලොව හොඳම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් සිව්දෙනෙකු තේරීපත් වෙද්දී, ලොව සුපිරි ක්‍රීඩක, ඉන්දීය පිතිකරු විරාත් කෝලි එම ලැයිස්තුවෙන් එළියට විසි වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ ලොව හොඳම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් 20 දෙනාගේ නවතම ලැයිස්තුවට අනුවයි.

එම ලැයිස්තුවේ හොඳම පිතිකරුවන් 20 දෙනා අතරට විරාත් කෝලිට ඇතුළත් වීමට නොහැකි වන්නේ 2014, එනම් වසර 10කට පසු පළමුවරට වීම විශේෂත්වයක්.

ස්ථාන 08ක් පසුබසිමින් ඔහු දැන් රැඳී සිටින්නේ 22වන ස්ථානයේයි. 

කෙසේවෙතත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ ලොව හොදම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් 20 දෙනාගේ නවතම ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් සිව්දෙනෙකු ද ඒ අතර සිටීම කැපී පෙනනවා.

ඒ අනුව මෑත කාලයේ ශ්‍රී ලංකාවේ දක්ෂතම ටෙස්ට් තරුව වන කමිඳු මෙන්ඩිස් 11වැනි ස්ථානයට පත්ව සිටිනවා.

ඊට අමතරව දිමුත් කරුණාරත්න 14 වැනි ස්ථානයත්, ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට 15වැනි ස්ථානයත් පත්ව ඇති අතර, දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇත්තේ 18වැනි ස්ථානයි. 

නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් පෙරමුණ එංගලන්තයේ ජෝ රූට්ට හිමිව තිබෙනවා. එහි දෙවැනි ස්ථානයේ නවසීලන්තයේ කෙන් විලියම්සන් හා තෙවැනි ස්ථානයේ එංගලන්තයේ හැරි බෲක් රැඳී සිටිනවා.