Monday, December 23, 2024

General line - 0115112241

චීනයෙන් රට බේරා දෙනු ඇතැයි තායිවානය අමෙරිකාව ගැන බලාපොරොත්තුවෙන්




එක්සත් ජනපදයේ අලුතින් තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රට චීන ආක්‍රමණයෙන් ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානයෙන් ඉදිරියට යනු ඇති බවට තායිවාන රජය විශ්වාසය පල කරනවා.

ගෙවීම් සිදු කිරීමෙන් පසු අමෙරිකාව තායිවානය ආරක්ෂා කරන බවට ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී කළ ප්‍රකාශයන් අනුගමනය කරනු ඇතැයි තායිපේ අපේක්ෂා කරන බවයි තායිවාන රජය පවසන්නේ.

තායිවාන ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක කැරන් කුඕ පැවසුවේ, තායිවානය-එක්සත් ජනපද සබඳතාවල නව තත්වයක් ඇති කිරීම සඳහා ඔවුන් නව එක්සත් ජනපද පරිපාලනය සහ කොන්ග්‍රසය සමඟ එක්ව කටයුතු කරන බවයි.

රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළ පරිදි, තායිවාන වැසියන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය “දිවයිනේ ජයග්‍රහණය” ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

චීනය තායිවානය ඈඳා ගන්නා විට ට්‍රම්ප් නිහඬව බලා නොසිටිනු ඇති බවටයි තායිවාන රජය විශ්වාසය පළ කර ඇත්තේ.