Monday, December 23, 2024

General line - 0115112241

දිල්ලි සහ මුම්බායි වායු ගුණාත්මක තත්ත්වය තවත් පහළට




ඉන්දියාවේ දිල්ලි හා මුම්බායි නගරවල වායු ගුණාත්මක භාවය තවත් පහල ගොස් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ දිල්ලි හා මුම්බායි නගර අද උදෑසන ඝන දුමාරයකින් වැසී තිබූ බවයි 

මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලයේ (CPCB) දත්ත වලට අනුව, වායු ගුණාත්මක තත්ත්ව දර්ශකය (AQI) දිල්ලියේ උදේ 8 ට 335 ක් ලෙස සටහන් වී තිබුනා.-

එම අගය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වනවා.

මේ හේතුවෙන් උදෑසන කාලයේ හා සන්ධ්‍යාවේදී එළිමහනේ කාලය ගත කිරීමෙන් වළකින ලෙසයි ඉන්දීය කාලගුණ හා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිල්ලි නගරයට ආසන්න ඇතැම් ප්‍රදේශයන්හි වායු තත්ත්ව දර්ශකයේ අගය 394ක් වැනි ඉහළ අගයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම දිල්ලියේ අවට ප්‍රදේශවල උස් ගොඩනැගිලි ද දුමෙන් වැසී ගොස් තිබු අතර දුමාර මට්ටම අඩු කිරීම සඳහා බලධාරීන් ජලය ඉසීමට කටයුතු කර තිබු බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුනේ.

මේ අතර දිල්ලියේ සිට කිලෝමීටර් 240ක් පමණ දුරින් පිහිටි අග්‍රා හි වායු ගුණාත්මක භාවය 'සතුටුදායක' මට්ටමට පැමිණ තිබු බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර සිටියේ