Monday, December 23, 2024

General line - 0115112241

වායු දූෂණය හේතුවෙන් පන්ජාබය ලොක්ඩවුන් වන ලකුණු




පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ වායු දූෂණ තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතී. 

සති අන්තයේදී පකිස්තානයේදී මුල්තාන් නගරය වැඩිම වායු දූෂණයක් වාර්තා වූ නගරය බවට පත්ව ඇති අතර පකිස්තාන මාධ්‍ය වාර්තා අනුව, නගරයේ වායු තත්ත්ව දර්ශක කියවීමේ අගය 2000 සීමාව පසුකර ඇත.

පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්ත රජය දැඩි අවධානයෙන් සිටින අතර පරිසර දූෂණය අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරයි.

පන්ජාබයේ සියලුම ප්‍රධාන නගරවල වාතයේ ගුණාත්මක භාවය වාර්තාගත මට්ටමට නරක අතට හැරීම නිසා ප්‍රාන්තය විසින් උද්‍යාන සහ කෞතුකාගාර නොවැම්බර් 17 දක්වා වසා දමන ලදී.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය ඉකුත් සිකුරාදා සිට උද්‍යාන සහ සත්වෝද්‍යාන ඇතුළු බොහෝ පොදු ස්ථානවලට ජනතාවට ඇතුළුවීම තහනම් කර තිබේ.

නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල දැඩි වායු දූෂණයෙන් මිනිසුන් ආරක්ෂා කිරීමේ උත්සහයක් ලෙස මෙම තහනම ක්‍රියාත්මක වේ.

ලාහෝර් නගරයේ පාසල් වසා දමා ඇති අතර රජයේ සේවකයින් නිවෙස්වල සිට රාජකාරි සිදු කරන බව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.