Thursday, January 16, 2025

General line - 0115112241

ආරක්‍ෂක රැකවල් මැද ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත




මහ මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන ආරම්භ වුණා.

සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම මෙන්ම රාජකාරී සඳහා නිලධාරීන් පිටත්වීමද අදාළ මධ්‍යස්ථාන ආශ්‍රිතව අද දවස පුරා සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඡන්ද පෙට්ටි ප්‍රවාහන කටයුතු සඳහා විශේෂ ආරක්‍ෂාවක්ද යොදවා තිබුණා. රට පුරා එම කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළ අතර මේ නෙත් මහනුවර වාර්තාකරු කමල් සුරවීර.

බදුල්ලේ තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.

නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද මෙම වාර්තාව ගෙන එන්නේ මාතර මැතිවරණ තත්ත්වය පිළිබඳවයි.

නෙත් නිවුස් උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳවද සොයා බැලීමක් සිදු කළා. මේ, නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය.

මෙම වාර්තාව කළුතර නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරිගෙන්.

මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම හෙට පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කිරීමට නියමිතයි.