සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්යංශය පවසනවා.
ඒ, සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්යංශය ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවීමක් සමඟයි.
මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී මේ වසර අවසන්වන තෙක් අස්වැසුම ප්රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්රතිලාභ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක් ලබාදෙන පවුල් සඳහා රුපියල් දස දහසක් ලබා දීමටත් නියමිතයි.
රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන පවුල් සඳහා රුපියල් පන්දහසක් ද රුපියල් පන්දහසක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.