Thursday, January 16, 2025

General line - 0115112241

කොකේන් ගුලි 80ක් ගිල ආ විදේශිකයෙකු ගුවන්තොටුපළෙන් අල්ලයි

ටී කේ ජී කපිල




කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80ක් පමණ ගිල මෙරටට පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදීයි.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර, ඒවා ගිල දමා මෙම සියරාලියෝන් ජාතිකයා මෙරටට පැමිණ ඇති බවයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මෙරටට පැමිණ තිබුණේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිටයි.

සැකකාර පුද්ගලයා පරිලෝකන පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී මොහුගේ ආමාශය තුළ, කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 56ක් මේ වන විටත් පිටතට ගැනීමට සමත් වී තිබෙනවා. 

සැකකරු සියරාලියෝන්හි වාසය කරන 32 හැවිරිදි ගොවියෙකු බවයි වාර්තා වන්නේ.