Monday, December 23, 2024

General line - 0115112241

ප්‍රකෝටිපති ඉලෝන් මස්ක්ට ට්‍රම්ප් ආණ්ඩුවෙන් ඉහළ තනතුරක්




අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ආණ්ඩුවේ ඉහළ තනතුරක් සඳහා ප්‍රකෝටිපති ඊලොන් මස්ක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු පත් කරන්නේ රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පිහිටුවන නව දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ධුරයටයි.

ටෙස්ලා සහ ස්පේස් ඞ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරියා වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වනවා.

ඩොලර් බිලියන 263ක වත්කමකට හිමිකම් කියන ඔහු ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන චරිතයක් වුණා.

ඊලොන් මස්ක් රිපබ්ලිකන් වේදිකාවේ පෙනී සිට මැතිවරණ ප්‍රචාරණයේ අවසාන දිනවලදී ලියාපදිංචි ඡන්දදායකයෙකුට දිනකට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක්ද ලබා දීම කැපී පෙනෙන සිද්ධියක්. 

2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය අපේක්‍ෂාවෙන් සිටි විවේක් රාමස්වාමි ද ඉලෝන් මස්ක් ප්‍රධානී තනතුරට පත් කරන අදාළ දෙපාර්තමේන්තුවේ සම නායකත්වයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ගේ නායකත්වයෙන් පත්කරන රජයේ කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුවේ කාර්යභාර්ය පිළිබඳ මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් නිකුත් වී නැහැ.