Thursday, January 16, 2025

General line - 0115112241

නිලන්ත ජයවර්ධනට එරෙහි පරික්‍ෂණ ගැන අභියාචනාධිකරණයට දැනුම්දීමක්

උදය කුමාර




පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර එය ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශවලට අනුකූලව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 27 වන දා කැඳවන ලෙස නියෝග කළා.