Thursday, January 16, 2025

General line - 0115112241

මහමැතිවරණයට සියල්ල සූදානම් - ආරක්‍ෂාවත් සීරුවෙන්




හෙට දිනයේ පැවැත්වෙන මහමැතිවරණය සඳහාමේ වන විට සියලු කටයුතු සූදානම්.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනයද අද දිනය පුරා සිදු කෙරුණා.

හෙට උදෑසන 07 වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය භාවිත කරන ලෙසයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

කෙසේවෙතත් හෙට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ සම්භාවිතාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.

ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

මේ අතර මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ හැකිතාක් උදෑසනින්ම ගොස් ඡන්දය භාවිත කරන ලෙසයි. 

>

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ අපහසුතාවන් වළක්වාගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමට යාමේදී වලංගු අනන්‍යතා ලේඛනයක් රැගෙන යන ලෙසයි.

මහමැතිවරණයට අදාළ සියලු තොරතුරු උදෑසන 06යි 25 සිට ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්.