Thursday, January 16, 2025

General line - 0115112241

ඇලෝෂියස් ඇතුළු මත්පැන් සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවීමේ තීරණයක්

උදය කුමාර




ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක  බලපත්‍ර  අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ පෙත්සම්කාර ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම, ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.

ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන ජනවාරි 22 වන දා කැඳවීමට නියෝග කළා.

මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවයි නඩු වාර්තාවේ සඳහන් වන්නේ.