Monday, December 23, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ හින්දු ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර වෙයි




බංග්ලාදේශ හමුදාව නොවැම්බර් 05 වනදා සිට, දේශසීමා ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය පොලිස් බලකායන් සමඟ, Chattogram හි හින්දු බහුතරයක් සිටින ප්‍රදේශවලට ප්‍රචණ්ඩකාරී සහ ඉලක්කගත මර්දනයක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කලාපයේ විපතට පත් වූවන්ගේ සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැරාමිලිටරි හමුදා සහ පොලිසියේ සහාය ඇතිව දැඩි ලෙස සන්නද්ධ සොල්දාදුවන් හසරිගොල්ල සහ ඒ අවට ප්‍රදේශ ඇතුළු හින්දු ජනයා වෙසෙන ප්‍රදේශවල ගෙයින් ගෙට වැටලීම් සිදු කර ඇති බවයි.

බලහත්කාරයෙන් නිවෙස්වලට ඇතුළුවීම, සියලුම පිරිමි පදිංචිකරුවන් වටලා, අපැහැදිලි තත්ත්වයන් යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට චෝදනා එල්ල වී තිබේ.

ප්‍රචණ්ඩත්වය අවුල් සහගත ලෙස තීව්‍ර වීමකදී, වාර්තා කිහිපයක් කියා සිටින්නේ, අපරාධ ලේඛනගත කිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක නිලධාරීන් CCTV කැමරා ද විනාශ කර ඇති බවයි.