Thursday, January 16, 2025

General line - 0115112241

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය තුළ මැතිවරණ ප්‍රචාරණය ගැන පැමිණිලි ඉහළට




මහමැතිවරණය පැවැත්වෙන අද දිනයේ විශේෂ නිරීක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ගණන් කිරීමේ කටයුතු නිරීක්‍ෂණය සඳහාද විශේෂ කණ්ඩායමක් යොදවන බවයි. 

මේ අතර නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,388ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, ඉකුත් 11වනදා රාත්‍රී 12 සිට 12 වනදා රාත්‍රී 12 දක්වා කාලය තුළයි. ඉන් සිද්ධීන් 747කට අදාළව සමාජ මාධ්‍ය සබැඳියන් ඉවත් කර තිබෙනවා.

සමස්තයක් ලෙස ගත් කළ ඔක්තෝබර් මස 11 වනදා සිට අදාළ කාලය තුළ සමාජ මාධ්‍ය ආශ්‍රිත පැමිණිලි 2,033ක් ලැබී තිබුණා.

ඉන් 385ක් වන වැඩිම සිද්ධීන් වාර්තා වී ඇත්තේ ජාතිය, ආගම, පෞද්ගලිකත්වය හා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ අපහස කිරීම්.

නිහඬ කාලය තුළ මුදල් ගෙවා ප්‍රචාරය කර ඇති දැන්වීම් සංඛ්‍යාව 1,060ක්.

වෛරී ප්‍රකාශවලට අදාළ සිද්ධීන් 203ක්ද වාර්තා වී තිබෙනවා.