Saturday, November 16, 2024

General line - 0115112241

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ලබන සඳුදා




නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා පත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා.

ඒ අනුව 25 දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් පත් වෙනු ඇති බවයි ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ. 

මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ සිය අපේක්ෂකයින් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු කියා සිටියා.

මේ අතර මහ මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට ඉන්දියාව විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එලෙස සුබ පැතුම් එක්කල බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.