Thursday, January 16, 2025

General line - 0115112241

මෙවර මැති සබය අහිමි වූ ජ්‍යෙෂ්ඨයන් ගැන අනාවරණයක්




පාර්ලිමේන්තුව වසර ගණනාවක් නියෝජනය කළ මැති ඇමැතිවරුන් 60 කට අධික පිරිසක් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වුණා.

ඉන් වැඩිම පිරිසක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව සිටි මන්ත්‍රීවරුන් බවයි අනාවරණ වුණේ.

ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි, මහින්ද අමරවීර, හරීන් ප්‍රනාන්දු, ජානක වක්කුඹුර, විජිත් විජයමුණි සොයියා යන මහත්ම මහත්මීන් ඒ අතරට අයත්. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, රංජිත් සියඹලාපිටිය, නිමල් ලංසා, ලසන්ත අලගියවන්න, මනූෂ නානායක්කාර මහතා ඒ අතරට අයත් වූ තවත් පිරිසක් වනවා.

එමෙන්ම අසංක නවරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, රාජිත සේනාරත්න යන හිටපු මැති ඇමැතිවරුන්ට ද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වුණා.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ දුමින්ද දිසානායක මහතාටද මෙවර මහ මැතිවරණයෙන් ජය ගැනීමට නොහැකි වීම විශේෂත්වයක්. 

මේ අතර හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, චින්තක අමල් මායාදුන්න, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාල, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ නැහැ.

මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරුන් මෙන්ම රෝසි සේනානායක මහත්මියට ද මෙවර පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව අහිමිව ගියා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මැතිරණයට ඉදිරිපත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රේමලාල් ජයසේකර, තේනුක විදානගමගේ, සංජීව එදිරිමාන්න, යූ.කේ. සුමිත්, රංජිත් බණ්ඩාර, ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුව අහිමි වූ පිරිසට ඇතුළත්. ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, සරණ ගුණවර්ධන, ඩී. වීරසිංහ,  සි. බී රත්නායක, සරත් වීරසේකර යන මහත්වරුන් ද මෙවර පරාජයට පත් වුණා. 

එමෙන්ම සමගි ජන බලවේගය නියෝජන කළ චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ, චරිත හේරත් මහතාට සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට ද පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වී තිබෙනවා. 

මීට අමතරව සර්වජන බලය නියෝජනය කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා, දිලුම් අමුණුගම මහතා , රොෂාන් රණසිංහ මහතා, වීරසුමන වීරසිංහ මහතා, උදය ගම්මන්පිල මහතා ද මෙවර සිය මන්ත්‍රී ධුර අහිමි වුණා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී හඬ නියෝජනය කරමින් මහමැතිවරණයට තරග කළ රංජන් රාමනායක මහතා සහ වඩිවේල් සුරේෂ් මහතාට ද පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වී තිබෙනවා. 

ඩග්ලස් දේවානන්දා මහතා, එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට මෙවර සිය මන්ත්‍රී ධූර අහිමි වුණා.