Thursday, January 16, 2025

General line - 0115112241

පශ්චාත් මැතිවරණ සමයේ නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරින්ට වැඩ වරදී




පශ්චාත් මැතිවරණ සමයේදී නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකරන පොලිස් නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම සතිය තුළදී බුද්ධි අංශ නිලධාරින් ද යොදා ගනිමින් දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි ඔහු පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා.

මැතිවරණ නීති කඩ කළ පුද්ගලයින් 581 දෙනෙකු මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.