Thursday, January 16, 2025

General line - 0115112241

මහ මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ   67,240 ක් ප්‍රතික්ෂේප වේ




මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද හය ලක්ෂ   67,240 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්ද දායකයින් එක් කෝටි දහඅට ලක්ෂ 15,246 ක් ඡන්දය භාවිත කර ඇති බවයි.

මැතිවරණ ඉතිහාසයේ පැවති යහපත්ම මැතිවරණය ලෙස මෙවර මහ මැතිවරණය හැඳින්විය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වූ මැතිවරණයක් මෙන්ම පොලිසිය ස්වාධීනව කටයුතු කළ මැතිවරණය මෙය වන බවයි.