Thursday, January 16, 2025

General line - 0115112241

මහින්දානන්ද තීරණයක් ගනී




තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ප්‍රකාශ කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බව මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් එලෙස දේශපාලනයෙන් සමු ගැනිමට තිරණය කළ බවයි ඔහු කියා සිටියේ.

නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.