Thursday, January 16, 2025

General line - 0115112241

නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම ඇරඹෙයි




10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම වැඩමුළුව ලබන 25, 26 සහ 27 යන දිනවලදී පාර්ලිමේන්තු කාමර අංක 01 හිදී පැවැත්වීමට නියමිතයි.  

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ද නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් සිදු කරන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර 10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු අද සිට ආරම්භ වනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව නවක මන්ත්‍රීවරුන්ට අද සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.

අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කරන බවද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවා.

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතයි.