Wednesday, January 15, 2025

General line - 0115112241

දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බව වසන්ත කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්




දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ නව නීති සකස් කරමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.


සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් ජනතාව විසින් මෙවර මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී දේශපාලනයට පැමිණීමට නියමිත කණ්ඩායම්වලට මෙය ආදර්ශයක් වන බවයි.


සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යළි එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි සාමාජික ආශූ මාරසිංහ මහතා පවසනවා.


ජනතාවට වැරදි අවබෝධයක් ලබාදීම තුළින් ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාව තුළ සිටි පුද්ගලයින් ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.