ජාතික ලැයිස්තුවට මන්ත්රීවරුන් තෝරා ගැනීමේදී ප්රධාන දේශපාලන පක්ෂ සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු කළා.
එහි අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසුවේ මෙවර මැතිවරණයට ඉදරිපත් වී පරාජයට පත් වූ පුද්ගලයන්ගේ නම් ද ජාතික ලැයිස්තු මන්ත්රී ධූර ලේඛනයට ඇතුළත් කිරීමට හැකියාවක් පවති බවයි.
මැතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින් දිස්ත්රික් ලේකම් කාර්යාල වෙතත් ජාතික ලැයිස්තු මන්ත්රී ධූර අපේක්ෂකයින් මැතිවරණ කොමිසන් සභාවේ ප්රධාන කාර්යාලය වෙතත් ඔවුන්ගේ වියදම් වාර්තා ලබාදිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.