Wednesday, January 15, 2025

General line - 0115112241

රටට කළ සේවය වෙනුවෙන් ජනතා ඇගයීමක් නොමැති බව හිටපු ඇමති ප්‍රමිත බණ්ඩාර කියයි




වැඩ කරන දේශපාලඥයන් සම්බන්ධයෙන් රට තුළ ඇගයීමක් නැතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ ඔහු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ නැහැ.

යළි දේශපාලනයට පිවිසෙනවාදැයි නෙත් නිවුස් කළ විමසීමකදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.


පක්ෂ ධාරාව වර්තමානයේ රට තුළ නොමැති බවද ඔහු කියා සිටියා.