Wednesday, January 15, 2025

General line - 0115112241

තවත් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් මහනුවරදී පොලිස් භාරයට




මහනුවර, පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේදී තවත් සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මෙම ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගත් බවයි.

අදාළ ව්‍යාපාරිකයා විසින් ඩිෆෙන්ඩර් රථයට අදාළ සියලුම ලියකියවිලි මේ වන විට පොලිසියට භාරදී ඇති බවත් පොලිසිය පැවසුවා.

අදාළ ඩිෆෙන්ඩර් රථය ව්‍යාජ ලෙස එකලස් කර සකස් කරන ලද රථයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මහනුවර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.