Monday, December 23, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ පොරොන්දුව ගැන යුක්‍රේන ජනපති බලාපොරොත්තුවක




ඇමෙරිකාවේ තේරීපත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී  ධුරයේ දිවුරුම්දී ඉතා කෙටි කාලයක් තුළදී රුසියා යුක්‍රේන යුද ගැටුම් අවසන් වනු ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

මෙලෙස යුද ගැටුම් අවසන් වනු ඇති බවට මාධ්‍ය හමුවේ පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එම මාධ්‍ය හමුවේදී ඔහු පවසා ඇත්තේ ට්‍රම්ප් මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු සමග තමා දුරකතන සංවාදයක යෙදුණු බවත් එහිදී යුද ගැටුම් සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

යුද ගැටුම් අත්හිටුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු පිළිබඳ යුක්‍රේන ජනාධිපති හෙළි නොකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

කෙසේ නමුත්  මැතිවරණයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුද මෙහෙයුම් තමා ධුරයට පත් වී ඉතා කෙටි කලක් තුළ අවසන් කරන බවයි

එක්සත් ජනපදය යුක්රේනයට විශාලතම ආයුධ සපයන්නා වන අතර මෙම වසර මුලදී, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඩොලර් බිලියන 61 මිලිටරි ආධාර අනුමත කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ