Wednesday, January 15, 2025

General line - 0115112241

ආණ්ඩුවේ වැඩපිළිවෙලට බාධා නොකරන්නැයි පැෆ්රල් සංවිධානය දේශපාලන පක්ෂවලින් ඉල්ලයි




පවතින රජයේ වැඩපිළිවෙලට බාධා නොකරන ලෙස පැෆ්රල් සංවිධානය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලීමක් සිදු කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ වර්තමාන රජයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාලය ඔවුන්ට ලබාදෙන ලෙසයි.


වර්තමාන රජයට ජනතාව විසින් බහුතර බලයක් ලබාදී ඇති බැවින් මැතිවරණ සමයේ රජය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ වගකීම බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.