Sunday, November 17, 2024

General line - 0115112241

එජාප - සජබ එක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සජබ මහ ලේකම් කියයි




එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරියේදී දේශපාලන කටයුතු කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් සමගි ජන බලවේගය සමග එක්ව කටයුතු කරන ලෙසයි මහ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ආශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.