Wednesday, January 15, 2025

General line - 0115112241

නව රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පෙරවරුවේ දිවුරුම් දෙයි




නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද සිදු කෙරෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද උදෑසන 10.00 ට එය සිදු කෙරෙන බවයි.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමට නියමිතයි.

ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවේ තමන්ට ද අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවීමක් සිදුකර ඇති බවයි.

විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව අමාත්‍යංශ වෙන්කර ඊට අදාළව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂය මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.