Wednesday, January 15, 2025

General line - 0115112241

දිය අනතුරකින් විදේශීය ජාතිකයින් හය දෙනෙකු බේරා ගනී




හික්කඩුව නාරිගම වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතික කාන්තාවන් 04 දෙනෙකු හා පුද්ගලයින් 02 නෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරා ගෙන තිබෙනවා.

හික්කඩුව දින සවස් කාලයේදී හික්කඩුව පොලිස් වසමේ නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී මෙම විදේශීකයන් දිය වැලකට හසු වී ඇති අතර එහි රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකක නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ 

අනතුරට පත් විදේශිකයින් අවුරුදු 25 ත් 32 ත් අතර වයස්වල පසුවන රුසියානු ජාතිකයින් වනවා.