Wednesday, January 15, 2025

General line - 0115112241

චීනයේ monster ගැන පිලිපීනයෙන් යළිත් චෝදනා




චීනය විසින් පිලිපීනයේ සුවිශේෂී සමුද්‍ර ආර්ථික කලාපය තුළ සිය විශාලතම වෙරළාරක්ෂක යාත්‍රාව යෙදවීම තැතිගන්වනසුලු බව පිලිපීනය චෝදනා කරයි.

පිලිපීනය පවසන්නේ එය දකුණු චීන මුහුදේ තරඟකාරී ජලයේ වෙරළ තීරයක් වටා ක්‍රියාත්මක වන ධීවරයින් බිය ගැන්වීමේ අරමුණින් සිදු කරන්නක් බවයි.

පිලිපීනයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජොනතන් මලායා පැවසුවේ, සැම්බලේස් පළාතේ වෙරළට නාවික සැතපුම් 77 ක් ඔබ්බෙන් දක්නට ලැබුණු මීටර් 165 (අඩි 541) දිග චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වන 5901 පැමිණීම සම්බන්ධයෙන් මැනිලා විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බවයි. 

පිලිපීනයේ සුවිශේෂී සමුද්‍ර ආර්ථික කලාපය වෙතින් ඉවත් වන ලෙස ද පිලිපීනය නෞකාවට දැනුම් දී ඇතැයි පැවසේ.

චීන නෞකාවේ විශාලත්වය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ එය හඳුන්වන්නේ ‘monster ship’ ලෙසයි. 

"monster නෞකාව යෙදවීමේදී මහජන චීන සමූහාණ්ඩුව විසින් පෙන්නුම් කරන වැඩිවන ආක්‍රමණශීලීත්වය ගැන අපි පුදුමයට පත් වූවෙමු" යනුවෙන් මලයා පැවසීය.

එය ප්‍රකෝපකාරී ක්‍රියාවක් මෙන්ම නීති විරෝධී සහ පිළිගත නොහැකි ක්‍රියාවක් බව ද පිලිපීනය පවසයි. 

චීන යාත්‍රාව පලවා හැරීම සඳහා තම විශාලතම යාත්‍රා දෙකක් යොදවා ඇති බව ද පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසයි