Thursday, January 23, 2025

General line - 0115112241

රවී ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට




2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබෙනවා..

ඔහුගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට යොමු කළා 

2024 මහමැතිවරණයේදී ඡන්ද 500,835 ලබා ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය.

අනුරාධ ජයරත්න (මහනුවර), රෝහිත අබේගුණවර්ධන (කළුතර) සහ චාමර සම්පත් දසනායක (බදුල්ල) මහ මැතිවරණයට තරගකර පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීමට සමත් විය.


එම ලිපිය පහතින්.