Tuesday, January 21, 2025

General line - 0115112241

දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා පිරිසිදු කිරීම් කටයුතු සඳහා යුද්ධ හමුදාව යොදවයි




දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා 

එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩාවන් 209ක ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩාවන්‌ හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිතා නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට සහ සුළු අළුත්‌වැඩියාවන්‌ සිදු කිරීමට සිදුව ඇති බැවින්,‌ ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදී තිබෙනවා 

ඒ අනුව  2025 ජනවාරි මස 18 වන දින සිට 2025 ජනවාරි මස 27 වන දින දක්වා සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන් විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති අතර, එහි සමාරම්භයක් වශයෙන් එනම් ඊයේ (18) දින ප්‍රදේශ කිහිපයක පිහිටි වී ගබඩාවන් පිරිසිදු කිරීම හා අළුත්වැඩියාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී