Wednesday, January 22, 2025

General line - 0115112241

චීන සංචාරය හරහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 20ක පමණ ආධාරයක් - විජිත කියයි




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය හරහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 20ක පමණ ආධාරයක් ලබා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. 

ඒ, ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

චීනයේ, වෙන්දු නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.