Monday, December 23, 2024

General line - 0115112241

මගීන් රැගත් ගුවන්යානයකට වෙඩි ප්‍රහාරයක්




ඩලාස් ගුවන්තොටුපොළේ සිට ගුවන්ගතවීමට නියමිතව තිබූ මගීන් රැගත් ගුවන්යානයක් වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා 

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ සවුත්වෙස්ට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වන අතර යානයේ දකුණු පැත්තේ පියාසර තට්ටුවට යටින් වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් රාජධානියේ වේලාවෙන් සෙනසුරාදා අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී එහි මගීන් 99 දෙනකු සිටි ඇති අතර කිසිදු මගියකුට තුවාල සිදු නොවූ බව ඩලාස් ගුවන්තොටුපොළේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර අත්තේ.

කෙසේ වුවද වෙඩි පහරින් පසු එම ගුවන් යානය නැවත හරවා මගී ප්‍රවේශ දොරටුව වෙත ගොස් ඇති අතර සියලු මගීන් ගොඩබස්වා පූර්ණ පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

ගුවන් යානයට වෙඩි වැදීමේ සිදුවීම වාර්තා වීමත් සමඟ13R / 31L ධාවන පථය තාවකාලිකව වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබූ අතර, පසුව එය නැවත විවෘත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.