හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.
ඔහු අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් එලෙස විභාගයට ගැනුනා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා.
එහිදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 26 වනදා තෙක් කල් තැබුණා.