Wednesday, January 15, 2025

General line - 0115112241

මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා වැඩ භාරගනී




මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා මහජන බැංකු ප්‍රධාන තාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාර ගෙන තිබෙනවා.

මුල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රඥයෙකි. 

විශ්වවිද්‍යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත්‍රීය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගැයීමට ලක්ව ඇත. 

මහාචාර්ය ප්‍රනාන්දු මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකීය මූල්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා 

එමෙන්ම මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලනිය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (MBA) උපාධි වැඩසටහන සඳහා ලෝක බැංකුවේ AHEAD ප්‍රදානයන් ලබා ගැනීම, ISO 21001 සහතිකය හිමිකර ගැනීම ඇතුළු වැඩසටහන් රැසකට මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.

තැලණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) පිළිබඳ ප්‍රථම උපාධිය හිමි කරගත් ප්‍රනාන්දු මහත්තා මධ්‍යම චිත සාමාන්‍ය විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගෙන ඇත. 

එමෙන්ම කොළඹ ක්‍රමයේ ශිෂ්‍යත්ව වැඩ පිළිවෙළ හරහා බටහිර බෙංගාල තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ව්‍යපාර පරිපාලන උපාධියක් ද හිමි කරගෙන ඇත.