අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ විභාගය අවසන් වන තුරු එම තහනම ක්‍රියාත්මක වන බවයි.
ලබන 25 වනදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.