Wednesday, January 15, 2025

General line - 0115112241

වෙළඳපොළේ රතු සහල් ගැන තවත් අර්බුදයක්

රත්නපුර ජානක-ඉන්දික විතාන-නයනදුල සෙන්දනායක




වැඩි මිලට හෝ ලබා ගැනීමට රතු කැකුළු සහල් වෙළඳපොළේ නොමැති වන තත්ත්වයක් උද්ගත වෙමින් ඇතැයි සහල් ව්‍යාපාරිකයින් සහ සහල් මෝල් හිමියන් පවසනවා. 

ඔවුන් සඳහන් කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් සතුව තිබූ වී තොගද සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීම දැන් අවම තත්ත්වයකට පත්ව ඇති බවයි.

සහල් සම්බන්ධයෙන් පසුගිය සමයේ දැඩි කතාබහක් මතු වුණේ ප්‍රමාණවත් සහල තොග වෙළඳපොළේ නොමැති වීම සහ පාලන මිල ඉක්මවා අලෙවි කිරීම හේතුවෙන්. 

ඒ අනුවයි සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ඉකුත් දා තීරණය කළේ. එම කාලය ද දැන් අවසන් වී ඇතත් තවමත් සහල් අර්බුදය අවසන් වී නැහැ.

සහල් අර්බුදය සම්බන්ධයෙන් නෙත් නිවුස් කරන සොයා බැලීම් මාලාව යටතේ අද විමසා බැලෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ තත්ත්වයයි. 

රත්නපුර දිස්ත්‍රික් සහල් මොල් හිමියන්ගේ සංගමයේ සභාපති වී ජී කරුණාදාස මහතා පැවසුවේ බොහෝ සහල් මෝල් මාස තුනක පමණ සිට වැසී ගොස් ඇති බවයි.

සහල් මෝල් හිමියන් සතුව තිබූ වී සංචිත දැන් අවසන් වී ඇති බවයි ඔහු කියා සිටියේ. 

වෙළඳපොළේ පවතින සහල් අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ රටේ අවශ්‍යතාව පිළිබඳ නිවැරදි තක්සේරුවක් ආණ්ඩුව සතුව නොමැති වීම බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ.

කෙසේවෙතත් වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ රතු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේ සහල් බෙදාහැරීම වෙළඳපොළේ මේ වන විට පවතින රතු සහල් හිඟයට හේතුවක් නොවන බවයි.

 

2024 වසරේ කුඹුරු අක්කර හෙක්ටයාර් දෙලක්ෂ 77,315ක රතු සහල් වගා කර තිබෙනවා. 

ඉන් ලැබී ඇති අස්වැන්න මෙටි්‍රක් ටොන් මිලියන එකයි දශම එකක්. 

මේ වසරේ මහ කන්නයේදී හෙක්ටයාර් එක් ලක්ෂ 61,067 ක රතු සහල් වගා කර ඇති අතර අපේක්ෂිත අස්වැන්න වී මෙටි්‍රක් ටොන් හය ලක්ෂ 48,210ක්.