Wednesday, January 15, 2025

General line - 0115112241

නවක මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීමට විශේෂ තොරතුරු කවුලු දෙකක්




10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා අද සහ හෙට පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.    

ඒ අනුව මෙම දෙදින තුළ පාර්ලිමේන්තුවට පැමිණ තොරතුරු ලබාදෙන ලෙසට නවක මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එම් ජයලත් පෙරේරා මහතා පැවසුවේ.

මේ අතර 10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම වැඩමුළුව ලබන 25, 26 සහ 27 යන දිනවලදී පාර්ලිමේන්තු කාමර අංක 01 හිදී පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. 

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

එහිදී සිදුවන කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂන් ජයරත්න මහතා කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.