Tuesday, November 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට නව හැඳින්විමක්




ශ්‍රී ලංකාව දැන් හැඳින්විය යුත්තේ දියුණු වෙමින් පවතින රටක් ලෙස නොව දියුණු වීමට වුවමනාවක් ඇති රටක් ලෙස බව පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා.

මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව සමස්ත රටම එක් වර්ණයකින් වර්ණ ගැන්වීමෙන් එහ පැහැදිලි වන බවයි නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ “ද නිව් හිස්ටි්‍ර” වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ. 

සීගිරිය “කස්සප ලයන් රොක්” හෝටලයේ හිමිකරු වන නිලාන් වික්‍රමසිංහ මහතා ද මෙම සාකච්ඡාවට එක් වුණා. 


මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු විය යුතු ආකරය පිළිබඳව ද මෙම වැඩසටහනේදී සාකච්ඡාවට බදුන් කෙරුණා.


නෙත් එෆ් එම් “ද නිව් හිස්ටි්‍ර” මෙම සම්පූර්ණ වැඩසටහනට නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.